2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

IMG-20231017-WA0005_resized.png
inn2.jpeg
inn3.jpeg
inn4.jpeg

 

  1. පාසල පෙ.ව. 7.30 ට ආරම්භ වේ පාසල ආරම්භ කිරීමට විනාඩි 25 කට පෙර පාසලට පැමිණිය යුතුය.

 

  1. වාර්ෂිකව සිසුවකුගේ පැමිණීම 85% ක් විය යුතුය. එසේ නොවන්නේ නම් ඔවුන්ට රජයේ විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙනුනොලැබේ.

 

  1. සෑම පන්ති රැස්වීමකටම හා පසල් සංවර්ධන රැස්වීමකටම මව හෝ පියා අනිවාර්යෙන්ම සහභාගී විය යුතු අතර, එසේ නොවන්නේ නම් එහිදී ගන්නා තීරණ වලට කිසිදු ආකාරයේ විරුද්ධත්වයක් නොදැක්විය යුතුය.

 

  1. නොපැමිණෙනදෙගුරුන් හා දරුවන් පිළිබදව පංති භාර ගුරුවරයා පෞද්ගලිකවම හේතු කාරණා සොයා බලනු ලැබේ.

 

  1. නිළ ඇඳුම නිසි පරිදි සකස් කරගෙන පැමිණිය යුතුය.

 

  1. කොණ්ඩය නියපොතු පාසලට ගැලපෙන පරිදි සකස් කර ගෙන පැමිණිය යුතුය.

 

  1. ගැහැණු ළමුන් කොණ්ඩය පීරා දෙකට ගොතා පැමිණිය යුතු අතර, ඇහිබැමි සකස් කිරීම නොකල යුතුය

 

  1. අධ්‍යාපනයට අදාල උපකරණ හැර වෙනත් කිසිදු බාහිර උපකරණයක් පාසලට නොගෙන ආ යුතුය.

 

  1. පාසලේ අධ්‍යාපනය ලබන අනෙකුත් සහෝදර සිසු සිසුවියන් සමග සුහදව මිත්‍රශීලිව කටයුතු කල යුතුය.

 

  1. පාසලේ විදුහල්පතිතුමාට සහ ආචාර්ය මණ්ඩලය සමඟ සමීපව කටයුතු කල යුතු අතර, ඔවුන්ට අවනත භාවය දැක්විය යුතුය.

 

 

  1. පාසලේ අවශ්‍යතා සඳහා විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය තමන් වෙත පවරණ යම් යම් කාර්යයන් නොපැකිළිව ඉටු කල යුතුය.

 

  1. පාසල තුලත් ඉන් පිටතදීත් විද්‍යාලයේ ගෞරවයට හානි වන ආකාරයේ කටයුතු වල යෙදීමෙන් වැළැකිය යුතුය.

 

  1. පාසලේ භෞතික සම්පත් වලට හානි සිදු නොකල යුතු අතර අනෙක් සිසුන්ගේද පරිහරණය සඳහා ඒවා ආරක්ෂා කිරීමට කැපවිය යුතුය.

 

 

  1. පාසල තුල සිසු කුසලතා සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් තරඟ ආදියට සක්‍රීය දායකත්වය ලබා දිය යුතුය.

 

  1. විෂය සංවර්ධනය සඳහා සංවිධානය කරන අමතර පංති සම්මන්ත්‍රණ ආදිය සඳහා අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය.

 

  1. පංති කාමරය තුළදී විෂය භාර ගුරුභවතුන් විසින් පවරනු ලබන ගෙදර වැඩ පැවරුම් ඇගයීම් ව්‍යාපෘති ආදිය නිසි පරිදි සකස් කර නියමිත දින වලදී ලබා දියයුතුය.

 

  1. ව/ගිරි පොරමඩල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් විද්‍යාලයට කීර්තියක් අත්කර දීමටත් තමා ගෞරවනීය පුද්ගලයෙක් බවට පත්වීමටත් වග බලා ගත යුතුය.