වයඹ පළාත් දඹදෙණි හත්පත්තුවේ, උඩුකහ නැගෙනහිර කෝරළයේ , පොරමඩල නම් සුන්දර ගම්මානයේ 1899 වර්ෂයේදී තල අතු සෙවිලි කල “බංගලා නිවස” නමින් හැඳින්වූ කුඩා ගොඩනැගිල්ලකින් ආරම්භ කර ඇති අප පාසල වසර 124 ක කාලයක් පුරාවට ගුණ නුවණින් පිරිපුන් වැඩදායි පුරවැසියන් විශාල සංඛ්‍යාවක් රටට ජාතියට ලොවට දායාද කල ප්‍රදේශයේ දිදුලන කීර් තිමත් පාසලකි.
රජයේ ඉඩමක පිහිටි රජයට අයිති නිවාසයක් මුල් කරගෙන පොරමඩල එගොඩගොඩේ රංහාමි කෝරළේ සහ කපුරුහාමි කෝරළේ විසින් ආරම්භ කර වසරකට පසුව රජයට පවරාගෙන ඇත.
එම නිවාසයට අමතරව වෙනත් තාවකාලික මඩුවක් ඉදිකර තල් අතු සෙවිලිකරගත් බව ඉතිහාසයේ සදහන් ය.
වසර 124කට පෙරාතුව ඇරඹි මෙම පාසල වර්තමානය වන විට විදුහල්පතිවරු 25 දෙනෙක් විසින් පාලනය කර ඇත. පිරිමි පාසලක් වශයෙන් ආරම්භ කර 1964 සිට 6 වසර සිට මිශ්‍ර පාසලක් බවට පැවතුණි. බඹරගල, පාලාගල, කන්දේකුඹුර විහාරස්ථාන වලින් ආගමික හා සංස්කෘතික කටයුතු පෝෂණය වී ඇත.
විෂය මෙන්ම විෂය සමගාමී ජයග්‍රහණ බොහොමයක් දිනා ඇත. තාක්ශණික අංශයෙන් සෞන්දර්ය අංශයෙන් සමස්ථ ලංකා ජයග්‍රහණ ලබාගෙන ඇත. විදුමවගෙන් නැණගුණ බලෙන් පෝෂණය වූ දරුදැරියන් විශාල සංඛ්‍යාවක් යහපුරවැසියන් ලෙසින් රටේ අනාගතයට මහත් වූ දායකත්වයක් සපයන මෙම පාසල ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ කීර්තිමත් පාසලකි.
|
ආරම්භ කළ වර්ෂය |
1899.01.03 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඒ.එම් අප්පුහාමි මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
රංහාමි කෝරළේ සහ කපුරුහාමි කෝරළේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පොරමඩල විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඒ.එම් අප්පුහාමි මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1900.01.03 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පොරමඩල , “බංගලා නිවස” නමි ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1899 |








