ශූර වීර නෙක සිහළ රජුන් සිටි
තෙදබල දඹදෙණි රජ දහනේ
සිරිපැරකුම් මහ විදුහල් මෑණී
නමදිමු සිරස නමා බැතිනී
විද්‍යා ශිල්ප කලා නෙක මනුදම්
පොබවන ලකඹර හිරු ලෙසිනී
දිරිය විරිය ශකිතිය ගුණ නැණ පිරි
දරුකැළ සාදන තුටු සිතිනී
සැරදේ වොරැඳේ ජයවේ සිරිපැරකුම් මෑණී
නමදිමු සිරස නමා බැතිනී
ඥාන ප්‍රදීපය දල්වා කිතුගොස
දසත විහිදුවා එළිකරනා
විදුමෑණියෙ ඔබ නම සුරකිමු අපි
වැඩලොව පෙරමුණටම යමිනා
සැරදේ වොරැඳේ ජයවේ සිරිපැරකුම් මෑණී
නමදිමු සිරස නමා බැතිනී ///
පද රචනය : අශ්වින් ඉන්ද්‍රජිත් බණ්ඞාර තනු නිර්මාණය : අචලා ඉලංගකෝන්








